Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට පෞද්ගලික අංශයේ දායකත්වය  

Add comments

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා දෙන නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 ක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සදහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘති සදහා පෞද්ගලික අංශයේද දායකත්වය ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් අදාළ යෝජනා කැදවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කළා.

සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 4800 ක් හා සුළං බලශක්තියෙන් මෙගාවොට් 3500 කට වැඩි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් මෙගාවොට් 50 ට වැඩි පුනර්ජනනීය බලාගාර සදහා යෝජනා කැදවීමට සැළසුම් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට පෞද්ගලික අංශයේ දායකත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG