තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට එරෙහි උද්ඝෝෂණ නැවතත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
තායිලන්ත අග්‍රමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චාන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි බැංකොක් අගනුවරට රැස්ව සිටින දහස් ගණනක පිරිස් පවසන්නේ. විරෝධතා සාමකාමී මුහුණුවරක් ගෙන තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ විරෝධතා තහනම් කර ඇති පසුබිමක මේ වසර තුළ පැවැත්වෙන විශාලතම උද්ඝෝෂනය මෙය ලෙස ද සැළකෙනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වී තිබෙනවා.
අග්‍රමාත්‍ය නිල නිවස ආසන්නයේ ද මේ වනවිට සාමකාමී විරෝධතා පැවැත්වෙන බව එරටින් ලැබෙන වාර්තා සදහන් කරනවා.
The post තායිලන්ත අගමැතිට එරෙහි උද්ඝෝෂණ යළි උණුසුම් appeared first on ITN News.
Post a Comment