එල්ටීටීඊ සංවිධානය සඳහා පනවා ඇති තහනම අඛණ්ඩව පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.
තහනම් සංවිධාන පිළිබද එක්සත් රාජධානියේ අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරුව එල්ටීටීඊ සංවිධානය මෙසේ තහනම් කිරීමට එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකාවට ද දැනුම් දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා. එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණා.
මේ අනුව යුරෝපා සංගම් කලාපය ඇතුලු ලොව පුරා රටවල් 30 කට වැඩි සංඛ්‍යාවකට එල්ටීටීඊ ය තහනම්ව පවතිනවා.
The post LTTE තහනම අඛණ්ඩව පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment