ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා.
ලොව පුරා ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන සමාජ ව්‍යසනයට ප්‍රතිචාරයක් ලෙස අමද්‍යප ව්‍යාපාර බොහෝ රටවල සංවිධාන කෙරුණා. පළමුව එක්සත් ජනපදයේත් පසුව එක්සත් රාජධානියේත් ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාර ක්‍රමයෙන් වෙනත් රටවලට ද ගමන් කළා. මත්වතුර පානයට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ වූයේ 19 වන සියවසේදීයි. දිවයින පුරා සුරාසල් විවෘත වන විට ස්වදේශිකයන් මත්වතුර පානයෙන් ගලවා ගැනීමේ ප්රචාරක ව්‍යාපාරයක් ලෙස මෙරට අමද්‍යප ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරුණා.
මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 55 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මත්වතුර භාවිතය හේතුවෙන් පැයකට රුපියල් කෝටි දෙකක පමණ වියදමක් සෞඛ්‍ය අංශයට දැරීමට සිදුවන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ මත්වතුර භාවිතයේ යම් අඩුවක් ද දක්නට ලැබුණා. ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිනයේ සුරාසැල් වසා තැබීමටයි තීරණය කර තිබෙන්නේ.
The post ලෝක අමද්‍යප දිනය අද appeared first on ITN News.
Post a Comment