එන්නත්කරණයට පවා ප්‍රතිචාර නොදක්වන අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳ වාර්තා වීමත් සමග ආසියා – පැසිෆික් කොටස් වෙළෙදපොළේ සීඝ්‍ර පහත වැටීමක් අද වාර්තා වුණා. දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු නව කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා රැසක් ඇති බවත් එය බිහිසුණු ප්‍රභේදයක් බවත් විද්‍යාඥයින් හදුන්වා දෙනවා.
අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කර ඇත්තේ බී පොයින්ට් වන් පොයින්ට් වන් පොයින්ට් ෆයිව් ටූ නයින් ලෙසින්. මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකින් පමණක් මේ වන විට හදුනාගෙන ඇතත් එය ව්‍යාප්ත වී ඇද්දැයි විද්‍යාඥයින් සැක පළ කරනවා. ඉහළ විකෘතිතා ඇති නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ. නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 77 දෙනෙකු දකුණු අප්‍රිකාවෙන් ද සිව් දෙනෙකු බොට්ස්වානා සහ 1 අයෙකු හොංකොං යන රටවලින් ද හදුනාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමගින් ජපාන – හොංකොං සහ ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙදපොළ ඇතුලු ආසියා කලාපයේ කොටස් වෙළෙදපොළ රැසක කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වුණා. එමෙන්ම ඉන්දීය සෙන්සෙක්ස් කොටස් දර්ශකය ද ඒකක 1400 කින් පමණ පහත වැටුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිලට ද මෙම තත්ත්වය බලපෑම් එල්ල කරනු ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම රත්‍රන් මිලෙහි ද ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඉතා වේගයෙන් පැතිර යන බවට අනුමාන කෙරෙන නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වීමත් සමග ආරක්ෂක පියවර තර කිරීමට බ්‍රිතාන්‍ය සහ සිංගප්පූරුව ද කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම රටවල් දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසොතෝ සහ සිම්බාබ්වේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.
The post දකුණු අප්‍රිකා නව කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා රැසක් – බිහිසුණු ප්‍රභේදයක් appeared first on ITN News.
Post a Comment