ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 ට පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්නයි.
ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. මෙම සංඛ්‍යාව 2777ක්. එමෙන්ම ඉන්දියාවෙන් 1230ක් හා බ්‍රසීලයෙන් 1174ක් ලෙස කොරෝනා මරණ සිදුව තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන දෙලක්ෂ දොළොස් දහස හමුව ඇත්තේ ජර්මනියෙන්. එමෙන්ම ඇමෙරිකාවෙන් එක්ලක්ෂ හැත්තෑ නව දහසක්, බ්‍රසීලයෙන් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක්, රුසියාවෙන් එක්ලක්ෂ හැටපන්දහසක් හා තුර්කියෙන් එක්ලක්ෂ එකළොස් දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 40 ඉක්මවා ගියා.
The post ලොව පුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.
Post a Comment