උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
The post දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.
Post a Comment