Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Mar 31

ක්ෂේත්‍ර කිහිපයකට තවත් රටවල් තුනක සහාය  

0 comments

බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම්වලදී සඳහන් කෙරිණ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභික මයිකල් නෙස්බි සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ...
Read More »

Mar 31

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 3වන රැස්වීම චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 3වන රැස්වීම, චීන රාජ්‍යමණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතාගේ ප්‍රධානත්වයෙන් අද අන්හුයිපළාතේ Tunxi  හිදී පැවැත්විණ. එහිදී ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය සම්බන්ධයෙන්, සියලු පාර්ශ්ව අටවැදෑරුම් සම්මුතියකට එළැඹී තිබේ. චීනය වෙනුවෙන් අදහස් දක්වමින්  Wang Yi මහතා යෝජනා කළේ, ස්වයං විශ්වාසය,...
Read More »

Mar 31

ජමාල් කෂෝගි ඝාතන නඩුව සවුදි අරාබියට මාරු කරන ලෙස තුර්කි නීතිඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලයි  

0 comments

2018 ස්ථාන්බූල්හි සවුදි කොන්සාල් කාර්යාලයේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම සම්බන්ධ නඩුව සවුදි අරාබියට මාරු කරන ලෙස තුර්කි නීතිඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සවුදි සැකකරුවන් 26 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. සැකකරුවන් 26 දෙනා අධිකරණය මගහැරීම නිසා නඩුව පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා තුර්කි...
Read More »

Mar 31

තරුණයින් ලක්ෂ 10කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්  

0 comments

ලක්ෂ 10 කට තරුණ පිරිසකට රැකියා ලබාදීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ජාතික තරුණසේවා සභාව එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නව ව්‍යාපෘතිය යටතේ ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් රැකියා පොලක් සංවිධාන කළා. එය පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක,ගම්පහ...
Read More »

Mar 31

යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ මහල් 9 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක්  

0 comments

යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ මහල් 9 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දේශීය වෙලාවෙන් ඊයේ පෙරවරු 6.30 ට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම මහල් නිවාසයේ සිටි එක් නිවැසියෙක් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් තමාගේ පියා බේරුණත් 9 වන මහලේ ජීවත්...
Read More »

Mar 31

චීන ජනපති ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි  

0 comments

නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ පැවති ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් අතර තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීන ජනාධිපති ෂින් ජින් පින් ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ලිඛිත ප්‍රකාශයක් කරමිනුයි චීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ. ඇෆ්ගන් ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා...
Read More »

Mar 31

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාව සමඟ සාකච්ඡාවක්  

0 comments

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා ඇමෙරිකා රජය සමග සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී මහතාද එක් වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබද මෙහිදී...
Read More »

Mar 30

ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් පිළිබද එරට ආරක්ෂ අංශ සැක පල කරනවා. ටෙල් අවීව් නගරයට ආසන්නයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙය සතියක් තුළදී එරට සිදු වූ තුන්වන මාරාන්තික ප්‍රහාරයයි. ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදු වුණා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින්...
Read More »

Mar 30

ආරක්ෂක ඇපකරයක් දෙනවනම් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන්න සූදානම් – යුක්රේනය  

0 comments

ආරක්ෂක ඇපකරයක් ලබාදෙන්නේ නම් පමණක් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව සාම සාකච්ඡා අතරතුරදී යුක්රේනය පවසා තිබෙනවා. යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම රුසියාවේ ප්‍රධානතම කොන්දේසියක් ද වනවා. කෙසේ වුවද පෝලන්තය , ඊශ්‍රායලය , තුර්කිය හෝ කැනඩාව යන රටවලින් එක් රටක් ආරක්ෂක ඇපකරුවෙකු ලෙස කටයුතු කරන්නේ නම් පමණක් ස්වාධීන රාජ්‍යයක්...
Read More »

Mar 29

ඛනිජ වැලි අලෙවි කිරීමට නව ක්‍රමවේදයක්  

0 comments

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පුල්මුඩේ ඛනිජවැලි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අපේ රටේ ඉහළ වටිනාකමක් සහිත ඉල්මනයිට්, රූටයිල් හා සර්කෝන් වැනි ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් විදේශීය රටවලට අපනයන කිරීම නිසා රටට ලැබෙන විදේශ විනිමය ඉතාමත් අවම මට්ටමක පවතී. එමනිසා ලංකා ඛනිජ වැලි අලෙවි කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට...
Read More »

Mar 29

රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් යුක්රේනයේ 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනයේ මයිකොලයිව් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විසිදෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ඉන් 18 දෙනෙකු සුන්බුන් අතර සිරව සිටියදී සොයාගත් අය වනවා. රොකට් ප්‍රහාරයෙන් රජයේ ගොඩනැගිල්ලකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා....
Read More »

Mar 29

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ 15 ට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,026 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 350,000 කට ආසන්නයි. එමෙන්ම ජර්මනියෙන් 237,000ක් ප්‍රංශයෙන් 217,000 ක් ඉතාලියෙන් 99,000 ක් හා වියට්නාමයෙන් 88,000...
Read More »

Mar 29

සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමෙන් ලංකාවට හානියක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්  

0 comments

ඉන්දීය රජය සමඟ අත්සන් කළ සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමෙන් මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම ගිවිසුමෙන් තර්ජනයක් ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. වාර්ෂික වියදම රුපියල් මිලියන 600 ක් පමණ වන නැව් අලුත්වැඩියාව...
Read More »

Mar 29

සති දෙකකට පසු රුසියා – යුක්රේන සාම සාකච්ඡා ඇරඹේ  

0 comments

සති දෙකකට පසු රුසියා යුක්රේන පාර්ශ්ව අතර සාම සාකච්ඡා අද තුර්කියේ ස්තාන්බුල් අගනුවරදී පැවැත්වීමට නියමිතයි. දෙපාර්ශ්වයේම නියෝජිතයින් මේ වනවිට තුර්කියේ ස්තාන්බුල් අගනුවරට පැමිණ සිටිනවා. සටන්විරාමයක් ආරම්භ කිරීම සාම සාකච්ඡාවල ප්‍රධානම අරමුණ බවයි යුක්රේනය පවසන්නේ. සාකච්ඡාවට කීපයක් පැවතිය ද මේ වන තෙක් එකඟතාවට පැමිණීමට සමත්ව නැහැ. දෙපාර්ශ්වය අතර...
Read More »

Mar 28

රිදීගම සෆාරි සත්වෝද්‍යානය තුළ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන  

0 comments

අම්බලන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානය තුළ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැරදිකරුවන් සියලු දෙනාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කරනවා. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය රිදියගම සෆාරි උද්‍යානය වෙත පසුගියදා ගිය අවස්ථාවේ සේවයින් පිරිසක් සමග ආරවුලක් ඇතිවී තිබෙනවා. එහිදී උද්‍යානයේ පශු වෛද්‍යවරයාට එහි රියදුරන්...
Read More »

Mar 28

ඊයේ වැඩිම ආසාදිතයින් ජර්මනියෙන්  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා ආසාදිතයින් නවලක්ෂ හතලිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,780 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 215,000 ට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 187,000 ක් ඔස්ට්‍රියාවෙන් 49,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 46,000 ක් හා ජපානයෙන්...
Read More »

Mar 28

කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට  

0 comments

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු විෂ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. බ්ලූමැන්ඩල්, ඉබ්බාවත්ත ප්‍රදේශයේ කළ වැටලීමේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු ලග තිබී හෙරොයින්, අයිස්, කේරල ගංජා ඇතුළු...
Read More »

Mar 28

IMF වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක්  

0 comments

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර ඇති වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ඇතුලු කරුණු රැසක් පිළිබඳව තොරතුරු එම වාර්තාවේ අඩංගු වනවා. එමෙන්ම ආදායම් තත්ත්වය...
Read More »

Mar 28

සෞඛ්‍යයට මුල්තැනමදී 94 වන ඔස්කාර් ලොස්ඇන්ජලිස් නුවරදී  

0 comments

94 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අගනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සෞඛ්‍ය විධිවිධාන මධ්‍යයේ සම්මාන උළෙල සංවිධානකර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මෙවර හොදම නළුවාට හිමි සම්මානය සතුකර ගැනීමට විල් ස්මිත් සමත් වුණා. ඒ කිංග් රිචඩ් චිත්‍රපටයේ අතිවිශිෂ්ට...
Read More »

Mar 28

ගෝලීය බලශක්ති අර්බුදය විසඳීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම්  

0 comments

රුසියාවෙන් බොරතෙල් මිලදී නොගන්නා රටවලට අවශ්‍ය බලශක්ති ප්‍රභව සැපයීමට සූදානම් බව කැනඩාව නිවේදනය කරනවා. ඒ අනුව ගෝලීය බලශක්ති අර්බුදය විසදීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම් වනවා. රුසියාව යුක්රේනයේ විශේෂ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමගම යුරෝපා කලාපයේ බලශක්ති අර්බුදයක්ද...
Read More »

Mar 27

නැවෙන් ආ ඉන්ධන මෙට්‍රික් ටොන් 34000 ගොඩබෑම හෙට සිට  

0 comments

ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් හතර දහසක් රැගත් නෞකාවක තෙල් ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ලබන 31 වනදා ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස් පන්දහසක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ. ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල්මෙට්‍රික් ටොන් තිස් දහසක්...
Read More »

Mar 27

යුද ගැටුම් යුක්රේනයෙන් පලාගිය සංඛ්‍යාව ලක්ෂ 40කට ආසන්නයි – UN  

0 comments

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයෙන් වෙනත් රටවලට පලාගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 40 කට ආසන්න බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. යුක්රේනයේ වැඩිම පිරිසක් පලාගොස් ඇත්තේ පෝලන්තයටයි. එරටට පලාගිය පිරිස ලක්ෂ 23 කට ආසන්න වනවා. එමෙන්ම රුමේනියාවට 580,000 ඉක්මවූ සංඛ්‍යාවක් හංගේරියාවට 350,000 කට ආසන්න පිරිසක් මෝල්ඩෝවා රාජ්‍යයට 380,000 කට අධික සංඛ්‍යාවක්...
Read More »

Mar 27

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,354 ක්. ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 318,000 හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එමෙන්ම ප්‍රංශයෙන් 110,000 ක් වියට්නාමයෙන් 91,000 ක් ඉතාලියෙන් 59,000 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 46,000 ක් ලෙස වයිරස...
Read More »

Mar 27

පරිසර වාර්තා නිකුත් කිරීමේදී මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා අසත්‍යයි   

0 comments

පරිසර ඇගයීම් වාර්තා නිකුත් කිරීමේදී කිසිදු බලපෑමකට යටත් නොවී නිවැරදිව සිදුකිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මධ්‍යම පරිසර අධිකාරිය ඇගයීම් වාර්තා නිකුත් කිරීමේදී මුදල් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාව අසත්‍ය බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ඇගයීම් වාර්තා සකස්...
Read More »

Mar 27

රුසියාවෙන් යුක්රේනයට කෘස් මිසයිල ප්‍රහාරයක්  

0 comments

රුසියාව සිය යුධ නෞකා යොදාගනිමින් නවීණතම කෘස් මිසයිල ප්‍රහාරයක් යුක්රේනයට එල්ල කර තිබෙනවා. රුසියානු හමුදාව කලීබ්ර් කෘස් මිසයිල භාවිත කරමින් වයඹ දිග යුක්රේන ප්‍රදේශයේ ආයුධ ගබඩාවකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මිසයිල 4 ක් එහිදී එල්ල කර තිබෙනවා. දිගුදුර මිසයිල විශේෂයක් වන කලිබ්ර් මිසයිල ඉලක්ක වෙත නිවැරදිව එල්ල...
Read More »

Mar 27

ලංකාව ගැන IMF වාර්තාව එළියට  

0 comments

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරනු ලබන සිය කාර්ය මන්ඩල වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අතර එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබද ප්‍රකාශය ද  ඊට ඇතුළත්. මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සදහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලංකා රජය විසින් ක්‍රියාවට...
Read More »

Mar 27

යුක්රේනයේ ලීවීව් නගරයට රොකට් ප්‍රහාර  

0 comments

යුක්රේනයේ ලීවීව් නගරයට රොකට් ප්‍රහාර එල්ලවී තිබෙනවා. ලිවීව් නගරාධිපතිවරයා සදහන් කරන්නේ නගරය තුළ ස්ථාන රැසක පිපිරීම් සිදුව ඇති බවයි. ප්‍රහාර වලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්රේනයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනතාව ලිවීව් නගරයේ ස්ථාන රැසක ආරක්ෂිත කදවුරුවල රදවා සිටිනවා. යුක්රේන රුසියා අර්බුදය පවතින අවස්ථාවක...
Read More »

Mar 26

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් දොළොස් ලක්ෂ තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් හුමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,065ක්. ඊයේ දිනයේ ද වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්පන්දහසකට අධිකයි. එමෙන්ම ජර්මනියෙන් 151,000 ක් ප්‍රංශයෙන් 139,000 වියට්නාමයෙන් 103,000 ක් හා ඉතාලියෙන් 73,000...
Read More »

Mar 26

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000 ක පරිත්‍යාගයක්  

0 comments

ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි චීනය මෙම සහල් තොගය ලබා දී තිබෙන්නේ. දෙරට අතර ඇති සබදතාව තවදුරටත් තහවුරු කරමින් ශ්‍රීලංකාව මුහුණ දී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය සිදුකරන බවට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන්කරනවා.       The...
Read More »

Mar 26

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය වෙයි  

0 comments

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණින් පිහිටි මෙම ගිනිකන්ද කුඩා නමුත් ලොව පවතින සක්‍රියම ගිනිකන්දක් වනවා. මෙම ගිනිකන්ද උසින් මීටර් 311ක් වනවා. අනතුරු ඇගවීම් මට්ටමේ පහෙන් තුනක අවදානම් මට්ටමක ගිනිකන්ද තිබෙන බවයි වාර්තා වන්නේ. ගිනිකන්ද අවට ජීවත් වූ දහසක පමණ ජනතාවක් මේ...
Read More »

Mar 26

යුක්‍රේනයට එරෙහි යුද්ධයේ පළමු අදියර සාර්ථකයි – රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි  

0 comments

රුසියාව යුක්රේනයේ පළමු අදියරේ යුද මෙහෙයුම් සම්පූර්ණ කළ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මේ වන විට යුක්රේනයේ ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හැකිවු බවත් යුක්රේන නාවික හමුදා කටයුතු සම්පුර්ණයෙන් අඩපණ කිරීමට හැකිවූ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. යුක්රේනියානු නගර වන...
Read More »

Mar 26

ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සපුගස් කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ පරික්ෂණයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් ළග තිබී රුපියල් ලක්ෂ 18ක් වටිනා ත්‍රි රෝද රථ අමතර කොටස් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථයක්...
Read More »

Mar 26

රන්ජන් වරද පිළිගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලයි  

0 comments

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවට අදාළ චෝදනාවට හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තා. තමා නිවැරදිකරු යැයි මීට පෙර අධිකරණය හමුවේ කළ ප්‍රකාශය ඉවත් කර ගන්නා බවයි වරද පිලිගනිමින් ඔහු සදහන් කළේ. මෙම පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා කියා සිටියේ අදාළ චෝදනාවලයට නිවැරදිකරු යැයි තම සේවාදායකයා...
Read More »

Mar 25

බැරල් සංඛගේ ගෝලයින් දෙන්නා කඩවතදී වෙඩි කා මැරුට  

0 comments

කඩවත ප්‍රදේශයේ දී  ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බැරල් සංඛ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයින් දෙදෙනෙකු බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බවයි පොලිසිය තවදුරටත් සදහන් කරන්නේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත 9 කණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ...
Read More »

Mar 25

සියලු රටවල් ක්ෂය රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට සක්‍රීයව එක්වීමේ අවශ්‍යතාව චීන ජනපති ආර්යාව පෙන්වා දෙයි  

0 comments

චීන ජනපති ආර්යා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සහ ඒඩ්ස් නිවාරණය පිළිබඳ මිත්‍ර තානාපතිනී පෙං ලි යුවාන් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2022 ලෝක ක්ෂය රෝග දින වීඩියෝ සම්මන්ත්‍රණය අමතයි. චීන රජය ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සම්පන්න චීනය යන උපාය මාර්ගයට මෙම කාර්යය ඇතුළත් කර ඇති බවත්, ක්ෂය රෝගීන්...
Read More »

Mar 25

නේටෝවේ ශක්තිය ගැන බයිඩ්න්ගෙන් අලුත් කතාවක්  

0 comments

නේටෝ සංවිධානය අන් කවරදාටවත් වඩා මේ වන විට ශක්තිමත් වී ඇති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බ්‍රසල්ස් නුවරදී යුරෝපීය නායකයන් හමුවීමෙන් අනතුරුවයි. මේ අතර රුසියාව ජී 20 සංවිධානයෙන් නෙරපා හැරීමට තමන් සහාය දෙන බවද බයිඩ්න් සදහන් කළා. මේ අතර යුක්රේන නායක වොල්දොමීර් සෙලෙන්ස්කි යුරෝපීය කවුන්සල සමුළුව...
Read More »

Mar 25

අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ  

0 comments

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ...
Read More »

Mar 25

කැනඩාව මෙම වසරේදී ඛණිජ තෙල් සහ ගෑස් අපනයනය දිනකට බැරල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට සැළසුම්  

0 comments

කැනඩාව මෙම වසරේදී ඛණිජ තෙල් සහ ගෑස් අපනයනය දිනකට බැරල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට සැළසුම් කර ඇති බව එරට ස්වභාවික සම්පත් පිළිබද අමාත්‍යවරයා පවසා සිටියා. යුක්රේනයේ පවතින යුද්ධය මධ්‍යයේ රුසියාව සපයන බලශක්ති සැපයුමෙන් ඉවත්වීමට විවිධ රජයන් මේ අවස්ථාවේදී උත්සාහ කරමින් පවතිනවා. එවන් අවස්ථාවකයි කැනඩාවේ ස්වභාවික සම්පත් පිළිබද අමාත්‍යවරයා මෙලෙස...
Read More »

Mar 24

ගෑස් හිඟය නිම වෙන ලකුණු – දිනකට සිලින්ඩර් 120000ක් වෙළඳපොලට  

0 comments

පවතින ගෑස් හිගයට විසදුමක් ලෙස දෛනිකව ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ විසි දහසක් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා. ප්‍රමාණවත් ගෑස් සංචිත මේ වන විට පවතින බැවින් දින කිහිපයකින් ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ලාෆ් ගෑස් ද මේ වන විට වෙළදපොලට නිකුත් කෙරෙමින් පවතිනවා. එසේම දෛනිකව ගෑස් සිලින්ඩර්...
Read More »

Mar 24

සහභාගී නොවුණු පක්ෂවලට නැවතත් ජනපතිගෙන් ආරාධනා  

0 comments

වත්මන් ආර්ථික ගැටලුවට විසදුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සදහා වන සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. සමුළුව කැඳවීම අවංක ප්‍රයත්නයක් මිස  දේශපාලන වාසි ලබාගැනීමක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් ආර්ථීක ගැටලුවට විසඳුම්...
Read More »

Mar 24

චීන ගුවන් අනතුරින් මියගිය අයගේ සිරුරු කොටස් සහ කළු පෙට්ටිය හමුවෙයි  

0 comments

චීන ගුවන් අනතුරින් මියගිය අයගේ සිරුරු කොටස් සහ කළු පෙට්ටිය හමු වී තිබෙනවා. ඒ අනතුර සිදු වූ ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි. මගීන් 130 දෙනෙකුට මරු කැඳවමින් මෙම චීන අභ්‍යන්තර ගුවන් යානය එරට කදුකර ප්‍රදේශයකට කඩා වැටුණේ පසුගිය සඳුදායි. අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. යානයේ කළු පෙට්ටිය හමු වී ඇති අතර ඊට හානි...
Read More »

Mar 23

භූ සම්පත් ගවේෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙළක්  

0 comments

මෙරට ඉහළ වටිනාකමකින් යුත් භූ සම්පත් පිහිටි ස්ථාන හඳුනා ගැනීම සඳහා ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙන්ම ලංකා ඛණිජවැලි සමාගම ඒකාබද්ධවයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.අදාළ නිලධාරීන් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා.ඇතැම් සමාගම් හා පුද්ගලයන් ගවේෂණ...
Read More »

Mar 23

ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, ඊයේ ( 23) රාත්‍රියේ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව,...
Read More »

Mar 23

රූබලයේ අගය ඉහළට  

0 comments

තම රටෙන් ගෑස් සහ තෙල් ලබා ගැනීමේදී ඩොලර් හෝ යූරෝවලින් නොව රූබලයෙන් ගෙවිය යුතු බවට රුසියා ජනාධිපති ගත් තීරණයත් සමඟ රූබලයේ අගය ඉහළ ගොස් තිබෙනවා. රුසියාවට පැන වූ බටහිර සම්බාධක හමුවේ රුසියාවේ මුදල් ඒකකය වන රූබලය දැඩි ලෙස අවප්‍රමාණය වුණා. මාර්තු හත්වනදා ඩොලරයට රූබල 132 ක් සහ යූරෝවලට රූබල 147 ක් ලෙස අවප්‍රමාණය වුණේ වාර්තාගත ලෙසයි. කෙසේ වෙතත් තම...
Read More »

Mar 23

රුසියාව රසායනික අවි භාවිත කළහොත් ඊට එරෙහිව බටහිර රටවලින් දැඩි පියවර  

0 comments

රුසියාව යුද්ධයේදී විෂ වායු වැනි රසායනික අවි භාවිත කළහොත් ඊට එරෙහිව බටහිර රටවල් දැඩි පියවර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රසායනික අවි යනු ශරීරයට හානි කරන විෂ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු ඕනෑම ආකාරයක යුද උපකරණයි. යුක්රේනය ජෛව අවි නිපදවිමට සැලසුම් කර ඇති බවට රුසියාව ප්‍රකාශ කළේ ඉදිරියේදී රසායනික අවි භාවිත කිරීම සාධාරණීකරණය කිරිමක්...
Read More »

Mar 23

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ සාර්ථකව පැවැත්වේ  

0 comments

චීන ගගනගාමීන් තිදෙනෙකු විසින් පවත්වනු ලැබූ දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ ඊයේ (23) සවස චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. එම මධ්‍යස්ථානයේ චීන ගගනගාමීන් වන, චයි චීගාන්ග්, වං යාපිං සහ යේ ගුවාන්ෆූ, එම පන්තිය මගින් අභ්‍යවකාශ විද්‍යාත්මක දැනුම් බෙදා දී තිබිණ. විනාඩි 45ක් පුරා පැවති පන්තියේ දී, ගගනගාමීන් තිදෙනා සරල විස්තරවලින් විද්‍යාත්මක...
Read More »

Mar 23

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් මරදානේ දී අත්අඩංගුවට  

0 comments

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් මරදානේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.     The post ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් මරදානේ දී අත්අඩංගුවට appeared first on ITN News...
Read More »

Mar 23

සර්ව පාක්ෂික සමුලුව අද  

0 comments

වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදවලට විසඳුම් ලබා ගැනිමේ අරමුණින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පැවැත්වෙනවා. සර්වපාක්ෂික සමුලුව ආරම්භ වන්නේ පෙරවරු 10ටයි. එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාමහජන පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය...
Read More »

Mar 22

මරියුපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියා හමුදා එල්ල කරන ප්‍රහාර දැඩි කරයි  

0 comments

ගැටුම් මධ්‍යයේ මරියුපෝල් නගර වැසියන් ඉන් ඉවත් කළද තවත් ලක්ෂයක පමණ පිරිසක් එහි රැඳී සිටින බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා. මරියුපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියා ප්‍රහාර දැඩි කර ඇති අතර නගරය වටකර සිටින බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දී පමණක් මරියුපෝල් නගර වැසියන් හත්දහසකට අධික සංඛ්‍යාවක් ඉවත්කර ගැනීමට බලධාරීන් සමත්වුණා. කෙසේ වුවද නගරය තුළ ආහාර...
Read More »

Mar 22

කියෙව් නගරයට පනවා තිබූ ඇදිරිනීතිය ඉවත් කෙරේ  

0 comments

දින 3ක කාලයක් පුරා කියෙව් නගරයට පනවා තිබූ ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණා. කියෙව් නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ රුසියා රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ නගරයට ඇදිරිනීතිය පැනවූවා. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණෙනුයි මෙලෙස ඇදිරිනීතිය පැනවූයේ. කෙසේ වුවද අද උදෑසන අදිරිනීතිය ඉවත් කළද...
Read More »

Recent News

Gossip Lanka MAG