Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ඇමති චානක කුඩාවැල්ල විරෝධතාකරුවන් මුණගැසෙයි – විරෝධතාවත් නිම වෙයි  

Add comments

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය ධීවර රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අවසන් කෙරුණා.

දින 04 ක් පුරා තංගල්ල කුඩාවැල්ල මංසන්ධියේ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අවසන් කෙරුණා. විරෝධතාවේ නිරත ධීවරයින් සමග ධීවර රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සාකච්ඡා කිරීමත් සමග විරෝධතාව අවසන් කිරීමට තීරණය කෙරුණා. ඉන්ධන මිල ඉහළ යාම ඇතුලු ගැටලු රැසකට විසදුම් ඉල්ලා ධීවරයින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වුණා. රාජ්‍ය අමාත්‍යවරයා විරෝධතාකරුවන් අතරටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කළා. ගැටලුවලට කඩිනමින්ම විසදුම් ලබා දෙන බවට සහතික වීමත් සමග විරෝධතාව අවසන් කෙරුණා.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද දිනයේද ක්‍රියාත්මකයි. අද පෙරවරුව වන විට විරෝධතාවට එක්ව සිටින පිරිසේ අඩුවක් දක්නට ලැබෙනවා. අසල මාර්ගයේ රථ වාහන ධාවනය ද බාධාවකින් තොරව සිදු වනවා. ගාලු මුවදොර පිටියේ   දින තුනක් මාරාන්තික උපවාසියේ නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන්වහන්සේ එම උපවාසය අතහැර දැමුවා. උපවසාය අද පෙරවරු 09ට අවසන් කරන බව පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන්වහන්සේ ඊට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.උන්වහන්සේගේ  උපවාසය අත්හැරීමත් සමග තවත් ස්වාමීන්වහන්සේ දෙනමක් උපවාසයට එක් වුණා.

 

 

The post රාජ්‍ය ඇමති චානක කුඩාවැල්ල විරෝධතාකරුවන් මුණගැසෙයි – විරෝධතාවත් නිම වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG