මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඔහුගේ කණ්ඩායම ලොව ප්‍රධානතම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂඥයෙකු වන ලී බුචීට් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රධානතම විශේෂඥයෙකු ලෙස සැලකෙන බුචීට් මහතා ලතින් ඇමෙරිකාව ග්‍රීසිය ඇතුළු ආර්ථික වශයෙන් ඇදවැටුණු රාජ්‍යයන් සඳහා උපදේශන සේවා සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා දූත පිරිස සමග පැවති සාච්ඡාවේදී සිදුකළ යුතු අර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බුචීට් මහතා පුළුල් වශයෙන් කරුණු දක්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ .
1980 දශකයේ මුල් භාගයේ දී ලතින් ඇමෙරිකා රටවල ආර්ථික අවපාතයන් ඇතිවු අවස්ථාවේදී එම රටවල් ආර්ථික තත්ත්වය යථා තතත්ත්වයට පත්කිරීම සදහා ඔහු සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළා.
The post IMF සාකච්ඡා සඳහා ගිය ශ්‍රී ලංකා දූත පිරිස ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සැසියකට appeared first on ITN News.
Post a Comment