ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පල්ලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද සිද්ධිය ඇසින් දුටුවෙකු චීනයේ සී ජී ටී එන් පුවත් සේවයට පවසා ඇත්තේ සාමාන්‍ය වැසියන් 50 දෙනෙකු පමණ මියගිය බවයි. ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්රස්තවාදීන් භාරගෙන තිබෙනවා. මේ අතර කාබුල් නගරයේ මගී ප්‍රවාහන වෑන් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් එක්පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
The post ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාර දෙකකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment