චීනයේ චැංග්ෂා ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිලේ සුන්බුන් තුළ සිරව සිටි පුද්ගලයින් 7 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබෙනවා.
චීනයේ හුනාන් පළාතේ කඩාවැටුණු ගොඩනැගිල්ල මහල් අටකින් සමන්විතයි. එහි සාමාන්‍ය ජනතාව වාසය කළ අතර සිනමා ශාලාවක් හා හෝටලයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් පස් දෙනෙකුට ගොඩනැගිල්ල ආරක්ෂිත බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවයි එල්ලවී ඇත්තේ. සුන්බුන් අතර තවත් පුද්ගලයින් 16 දෙනෙකු සිරව සිටින බවට සහන කණ්ඩායම් සඳහන් කරනවා. ගිනි නිවන භටයින් 1,700 ට අධික සංඛ්‍යාවක් , පොලිස් නිලධාරීන් හා ස්වෙච්ඡා සේවකයින් රැසක් ද සහන කටයුතු සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
The post චීනයේ කඩාවැටුණු ගොඩනැගිලේ සුන්බුන් තුළ සිරව සිටි 7 දෙනෙකු බේරා ගැනේ appeared first on ITN News.
Post a Comment