නිව්යෝර්ක් නීතිපති කාර්යාලයේ සිදු කරන විමර්ශන සදහා පිළිතුරු ලබා නොදීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
නිවියෝර්ක්හි නීතිපති කාර්යාලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාර ජාලය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් සදහා උත්තර ලබා නොදීමටයි ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත්තේ.
නීතිපති කාර්යාලයේ මෙම ක්‍රියාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරවල සැබෑ වත්කම් හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.
The post නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සිදු කරන විමර්ශන සඳහා පිළිතුරු ලබා නොදීමට ට්‍රම්ප් තීරණය කරයි appeared first on ITN News.
Post a Comment