අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් දැනුම් දුන්නා.
අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් 2011 වසරේ දී ඝාතනය කිරීමෙන් පසු එම සංවිධානයේ නායකත්වයට පත්වුණේ අයිමන් අල් සවාහිරීයි. ඇමෙරිකාවේ සී අයි ඒ සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුකළ විශේෂ ත්‍රස්ත මෙහෙයුමක් අතරතුරදීයි අල්කයිඩා නායකයා ඝාතනය කිරීමට සමත්ව තිබෙන්නේ. ඇමෙරිකා පුරවැසියන් ඉලක්ක කර ගනිමින් අයිමන් අල් සවාහිරී පැතිරූ ත්‍රස්තවාදය නැවැත්වීමට ආරක්ෂක අංශ සත්වූ බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා. අසාධාරණයන්ට මුහුණ දුන් ජනතාවට සාධාරණය ඉටුකිරීමට ඔහුගේ ඝාතනයත් සමග හැකිවූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
The post ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මරුට appeared first on ITN News.
Post a Comment