ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, තායිලන්ත විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Tanee Sangrat පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණ පැතීමේ අදහසක් නොමැති බවයි.
රාජපක්ෂ මහතාට වීසා නොමැතිව දින 90ක් රැඳී සිටීමට හැකි රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයකින් තායිලන්තයට ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව Tanee Sangrat වැඩිදුරටත් පැවසුවා.
එහෙත් රාජපක්ෂ මහතා සංචාරය කිරීමට අදහස් කළේ කවදාදැයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර නොමැති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට නියමිත බව මීට පෙර වාර්තා වුණා.
The post හිටපු ජනපති ගෝඨාභයගේ පැමිණීම තායිලන්තය තහවුරු කරයි appeared first on ITN News.
Post a Comment