ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ෆ්ලෝරීඩා හි පෞද්ගලික නිවසේ තිබී රහසිගත ලේඛන රැසක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබෙනවා.
ෆ්ලෝරීඩා අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නිවස සෝදිසි කිරීමට එෆ් බී අයි විමර්ශන නිලධාරින් පියවර ගත්තා. මෙම සෝදිසි මෙහෙයුමේදී රහසිගත ලේඛන මිටි 11ක් සොයා ගැනීමට හැකි වූ බවයි එෆ් බී අයි ආයතනය පැවසුවේ. ඇමෙරිකා එක්සත් ජනපද නීතියට අනුව ජනාධිපතිවරයෙකුට සිය ධූර කාලය තුළ සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් පෞද්ගලික මට්ටමෙන් පවත්වා ගැනීමට හැකිවන්නේ නැහැ. කෙසේ වෙතත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ මෙම සෝදිසි මෙහෙයුම තමන්ට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බවයි.
The post ට්රම්ප්ගේ නිවසේ තිබී රහසිගත ලේඛන රැසක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment