Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ණය උගුල මතය චීනය යළි ප්‍රතික්ෂේප කරයි  

Add comments

G20 කණ්ඩායමට අයත් රටවල් අතරින් ණය  ආපසු ගෙවීම අත්හිටවූ කල් දැමූ විශාලතම ප්‍රමාණය සහිත රට චීනයයි.

චීන  විදේශ අමාත්‍යාංශ  ප්‍රකාශක Wang Wenbin මහතා  මේ බව පැවසීය.

හෙතෙම මෙ පැවසුවේ  11වැනිදා   පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ බටහිර රටවල් විසින් හුවා දක්වන  ඊනියා චීන ණය උගුල් මතය පිළිබඳව  වාර්තාකරුවෙකු  නැගූ ප්‍රශ්නයට පිළිතුරු  දෙමින්.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  වැනි සංවර්ධනය   වෙමින් පවතින රටවලට චීනය ලබා  දෙන  ණය අනුපාතය බටහිර රටවල් ආධිපත්‍ය දරන ජාතයන්තර  ප්‍රාග්ධන  වෙළදපොල සහ  බහු  පාර්ශ්වික  මූලය
ආයතනවලට වඩා බෙහෙවින්  අඩු වන බව Wang Wenbin මහතා පැවසීය.

ඉන්  බොහොමයක් අඩු පොලී අනුපාත සහ  දිගු කාලීන සහනදායී ණය වේ.  ඒවායෙන් එම රටවල ණය බර වැඩි නොකරනවා පමණක් නොව , ඔවුන්ගේ යටිතල  පහසුකම් සහ  ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක්  ඉටු කර ඇත.

ඒ අතරම, සංවර්ධනය  වෙමින්  පවතින රටවල ණය අවදානම්   තත්ත්වයන් පිළිබඳව ද චීනය දැඩි අවධානය යොමු කරන අතර  අතර, G20 කණ්ඩායමේ අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය ආපසු ගෙවීම කල් දැමීමේ  මුලපිරුම ක්‍රියාත්මක කර තිබේ.

මෙම කරැණු හමුවේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ඇතුලු සංවර්ධනය වෙමින් පවතින රටවලට  ඔවුන්ගේම වෛෂයික හා සාධාරණ අවබෝධයක් සහ විනිශ්චයක් ඇති බව විශ්වාස කරන බව  ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

The post චීන ණය උගුල මතය චීනය යළි ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG