රටවල් රැසක් එකම චීනය යන මූලධර්මය යළි අවධාරණය කරයි. ඇමරිකා කොංග්රස් මණ්ඩල කථානයකවරියගේ චීන තායිවාන සංචාරය හෙළාදකිමින් ‘තායිවානය චීනයෙන් වෙන් කිරීමේ බලවේගයට’ ඇමරිකාව අනුබල දැක්වීම කෙරෙහි එම රටවල විරෝධය පළ වී ඇත.
නේපාල විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, එකම චීනය ප්‍රතිපත්තිය නේපාලය ස්ථිර ලෙස අනුගමනය කරන බවයි. නේපාලය හා චීනය සිය රටවල ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය වෙනුවෙන් අන්‍යෝන්‍ය සහය දක්වන බව ද නේපාලය කියා සිටී.
ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා විවෘත අවස්ථාවකදී ප්‍රකාශ කළේ, ඊජිප්තුව එකම චීනය යන මූලධර්මයට දැඩිව එකඟ වන අතර, මෙම මූලධර්මය ජගත් ආරක්ෂාව හා ස්ථායිතාව රැකීමට හිතකර බවයි.
මේ අතරම, බංග්ලාදේශය, පිලිපීනය, ඉරාකය, ජෝර්දානය, මැඩගස්කරය ඇතුළු රටවල්ද එකම චීනය යන මූලධර්මය යළි අවධාරණය කර තිබේ.
The post එකම චීනය මූලධර්මයට රටවල් රැසක සහය appeared first on ITN News.
Post a Comment