මිනිසෙකු සදමතට ගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ ආටෙමිස් වන් රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම දෙවන වරටත් කල්දමා තිබෙනවා.
ආටෙමිස් වන් ව්‍යාපෘතිය තුළින් නාසා ආයාතනය මෙතෙක් නිපදවූ ප්රබලතම රොකට්ටුව පසුගිය සඳුදා අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණා. එය තාවකාලිකව නතර කෙරුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. රොකට්ටුවේ අභ්‍යන්තර ඉන්ධන ටැංකියක සිදුවන ඉන්ධන කාන්දුවක් හේතුවෙන් එහි එන්ජිම නියමිත උෂ්ණත්වයට නොපැමිණීම ඊට හේතුවී තිබුණා. තාක්ෂණික දෝෂය නිවැරදි කළ පසු රොකට්ටුව කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන බවයි නාසා ආයතනය නිවේදනය කළේ. කෙසේ වුවද ආටෙමිස් වන් රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුවූ බව ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.
The post සද ගමන දෙවන වරටත් කල්දමයි appeared first on ITN News.
Post a Comment