පාකිස්තානය මුහුණදී ඇති ආපදා තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්තාන ජනාධිපතිවරයා වෙත තම කණගාටුව පළකර තිබෙනවා.
පාකිස්තානයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 30 ට අධික පිරිසක් අවතැන්ව සිටින අතර පුද්ගලයින් 900 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට වෙත බලපා ඇති මෙම ආපදා තත්ත්වය පිළිබඳ කණගාටුව පළකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතා වෙත ප්‍රකාශ කර තිබෙන්නේ. රාජ්‍ය නායකයින් දෙපළ අතර පැවැත්වුණු දුරකතන සංවාදයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබෙනවා.
The post පාකිස්තානය මුහුණදී ඇති ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති කණගාටුව පළකරයි appeared first on ITN News.
Post a Comment