නව වෙනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ජගත් පුෂ්ප කුමාර මහතා යළි තේරී පත්වුණා.
පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැත්වුණු මහජන පෙත්සම් පිළිබද කාරක සභාවේ පළමු රැස්වීමේදීයි මෙම තීරණය ගනු ලැබුවේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/1 අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබද කාරක සභාව සහ සාමාජිකයන් පසුගිය දා පත් කෙරුණා. එහි දී මහජන පෙත්සම් කාරක සභාවේ සභාපතිධුරයට පාර්ලිමේන්තු මන්ත්රී ජගත් පුෂ්පකුමාර මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රියංකර ජයරත්න මහතා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් මහතා එම යෝජනාව ස්ථිර කළා.
The post මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මන්ත්රී ජගත් පුෂ්පකුමාර පත් වෙයි appeared first on ITN News.
Post a Comment