Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරටින් වාර්තා වූ පළමු වඳුරු උණ රෝගියාට දැන් සුවයි  

Add comments

මෙරටින් වාර්තා වූ පළමු වඳුරු උණ රෝගියාට මේ වන විට සුවය ලැබෙමින් පවතින බව බෝවන රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

මංකි පොක්ස් හෙවත් වදුරු උණ ගැන අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

දිවයිනෙන් පළමු වරට වදුරු උණ රෝගියෙකු ඊයේ වාර්තා වුණා. මෙම රෝගියා පසුගිය පළමු වනදා ඩුබායි හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. වයස අවුරුදු 20ක් වන මොහු සමාජ රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වී තිබෙනවා. පසුගිය ජූලි මාසයේදී මංකිපොක්ස් හදුනාගැනීම සදහා වූ පීසීආර් පරික්ෂණ ස්ථාපිත කිරීමෙන්  පසු මෙම රෝගය වැළදී ඇති බවට සැක කෙරෙන රෝගීන් 6 දෙනෙකුගේ සාම්පල පරික්ෂා කෙරුණා. රෝගියා මේ වන විට අයි.ඩි.එච්  රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ලෝකයේ රටවල් 109ක මංකිපොක්ස් රෝගය ව්‍යාප්තව පවතිනවා. ලොව පුරා එම රෝගීන් 73,438 දෙනෙකු හදුනා ගැනුණා.

රෝගීන් විසිනව දෙනෙකු මිය ගොස් තිබෙනවා. යුරෝපය සහ අනෙකුත් රටවල පසුගිය මැයි මාසයේ සිට මෙම රෝගය පැතිර ගියද මේ වන විට තත්ත්වය සමනය වෙමින් පවතිනවා. දකුණු ආසියාතික රටවලින් මේ වන විට හමු වී ඇත්තේ රෝගීන් විසිතුන් දෙනෙකු පමණයි. ඉන් එක් රෝගයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

 

The post මෙරටින් වාර්තා වූ පළමු වඳුරු උණ රෝගියාට දැන් සුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG