තමන් වෙත ප්රහාරය එල්ල කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණි බවත් ඔවුන් අතර මනා සම්බන්ධීකරණයක් පැවතියේ නම් තමන්ට ජීවිතය අහිමි වන බව පාකිස්ථානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසනවා.
ලාහෝරයේ රෝහලක සිට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනුයි ඉම්රාන් ඛාන් මේ බව පැවසුවේ. තමන් වෙත වෙඩි තැබූ එක් පුද්ගලයෙකු තමන් ඇද වැටීමත් සමග මිය ගියේ යැයි සිතා තමා අසලින් ඉවත් වූ බව ද පාකිස්ථාන හිටපු අග්රාමාත්යවරයා පවසනවා.
මෙම තුවක්කුකරුවන් දෙදෙනා එකිනෙකාට සම්බන්ධීකරණය වූයේ නම් තත්ත්වය වඩාත් දරුණු වීමට ඉඩ තිබූ බවයි ඔහු පවසන්නේ. වහා මහා මැතිවරණයක් කැදවන ලෙස බලකරමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය පසුගිය 28 වන ලාහෝරයේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කළා.
පාගමන අහමදාබාද් නරගයෙන් ලබන 11 වන දා අවසන් වීමට නියමිතයි. පීටීඅයි පක්ෂය සදහන් කළේ කුමන බාධකය පැවතිය ද සිට විරෝධතා වැඩපිළිවෙළ අවසන් නොකරන බවයි.
The post තමන්ට එල්ලවූ ප්රහාරය ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්රකාශයක් appeared first on ITN News.
Post a Comment