Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ විරෝධතා හේතුවෙන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

ඉරානයේ ආරම්භ වූ විරෝධතා හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පුද්ගලයින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන පොලිස්භාරයේ සිටිය දී තරුණියක් මියයාමේ සිද්ධියක් පදනම් කරගනිමින් මෙම විරෝධතා ආරම්භ වුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ දීයි. කෙසේවෙතත් මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ මෙම විරෝධතා අතරතුර සිදු වු ගැටුම්වලින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවයි. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කළේ පුද්ගලයින් 400කට වැඩි පිරිසක් මෙම ගැටුම්වලින් මියගොස් ඇති බවයි. එමෙන් ම මෙම විරෝධතාවලදී පුද්ගලයින් 18,210 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා. කෙසෙවෙතත් ඉරානය චෝදනා කරන්නේ අ‌ැමෙරිකාව, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ සෞදි අරාබිය මෙම නොසන්සුන්තාවය පිටුපස සිටින  බවයි.

 

The post ඉරානයේ විරෝධතා හේතුවෙන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG