ආජන්ටිනාවේ උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6ක සිර දඬුවමක් නියම කෙරුණා.
ඒ ඇය සිය හිතවතෙකුට ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන්.
සිර දඩුවමක් නියම වුවද ඇය සිරගත නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එහෙත් ඇයට සිය ධූර කාලයෙන් පසුව යළිත් රජයේ කිසිඳු නිලයක් දැරීමට නොහැකි වනු ඇති බව විශ්ලේෂකයින් පවසනවා.
උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් මේ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආජන්ටිනාවේ උප ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාව ද මෙයයි.
The post ආජන්ටිනා උප ජනාධිපතිනි ක්‍රිස්ටිනාට වසර 6ක සිර දඬුවමක් appeared first on ITN News.
Post a Comment