ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන වසර අවසාන උදුවප් පොහොය අදට යෙදී තිබෙනවා. ලංකාවාසී බෞද්ධයන්ට ශාසනික වශයෙන් උදුවප් පොහොය දිනය ඉතා ඉහළ වැදගත්කමක් උසුලනවා.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 7 ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොල පටුනෙන් මෙරටට වැඩම කළේ අද වැනි උදුවප් පොහොය දිනකයි.
සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ද මෙරටට වැඩම කළා. ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ උදුවප් පොහොය දිනකයි.
The post උදුවප් පොහොය අදයි appeared first on ITN News.
Post a Comment