Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ ඉඳි කිරීම් කටයුතු ඇරඹෙයි  

Add comments

ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ ඉඳි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

21 වන සියවසේ මහා විද්‍යාත්මක ව්‍යාපෘතිවලින් එකක ඉඳිකිරීම අද ආරම්භ වනවා. ද ස්කුවෙයාර් කිලෝමීටර් එරේ හෙවත් එස් කේ ඒ ලෙස හැඳින්වෙන මෙම දුරේක්ෂය 2028 වසරේ දී ඉඳි කර අවසන් කිරීමට නියමිතයි. බටහිර ඔස්ට්‍රේලියාවේ මෙය ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ චීනය ඇතුළු රටවල් 8ක් මෙම ව්‍යාපෘතිය සඳහා නායකත්වය ලබා දී තිබෙනවා. වර්ග කිලෝමීටරයක් පුරා විහිද තිබෙන මෙම දුරේක්ෂය සඳහා ඇන්ටනා 131,072කින් සමන්විත වනවා. මෙහි විශාල දූරේක්ෂ දෙකක් ස්ථාපිත කරන අතර ඉන් එකක් දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කරන අතර අනෙක් දුරේක්ෂය බටහිර ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත කරනවා. මෙම ව්‍යාපෘතියේ මූලස්ථානය එක්සත් රාජධානියේ ස්ථාපනය කිරීමට නියමිතයි. එස් කේ ඒ ව්‍යාපෘතියෙන් තාරකා විද්‍යාවේ විශාලතම ප්‍රශ්නවලට මෙමඟින් විසඳුම් ලැබෙනු ඇති. එමෙන්ම අයින්ස්ටයින්ගේ න්‍යායන් පිලිබඳ වඩාත් නිරවද්‍ය පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ඇති අතර පිටස්තර ජීවින් ගැන පර්යේෂණ කිරීමට ද හැකිවනවා.

 

The post ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ ඉඳි කිරීම් කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG