පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාත්මක වන විරෝධතාවලදී පුදගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නව මැතිවරණයක් සහ හිටපු ජනාධිපතිවරයා නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. පේරු රාජ්‍යයේ අන්දහුලයිස් ගුවන් තොටුපළ ආසන්නයේ දරුණු ගැටුම් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාකරුවන් ගුවන් තොටුපළ වටලා එහි සිටි කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. එමෙන්ම ගුවන් තොටුපළ තුළ ගිනි ගැනීම් කිහිපයක්ද සිදුව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මේ වන විට විරෝධතා කරුවන් 16 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
The post පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක විරෝධතාවලදී පුදගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment