මොංගෝලියාවේ ආර්ථික අර්බුදය සහ උද්දමනය ඉහළ යාමට විරෝධය දක්වමින් මොංගෝලියාවේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.
මොංගෝලියා අගනුවර රැස්ව සිටින ජනතාව එරට රාජ්‍ය ආයතනවලට ඇතුළුවෙමින් සිය විරෝධය පළකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මොංගෝලියානු ගල්අගුරු කර්මාන්තයේ සිදුව ඇති දූෂණය සහ උද්දමනය ඉහළ යාමට එරහිව විරෝධය දැක්වීම සදහා දහස් ගණනක් ජනතාව මොංගෝලියාවේ අගනුවරට රැස්ව සිටිනවා. ඔවුන් රජයේ ආයතනවලට සහ නිවාසවලට කඩාවදින ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තාකර තිබුණා.
එරට සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙසත් එරට පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.
The post මොංගෝලියා විරෝධතාකරුවන් රජයේ ආයතනවලට බලෙත් ඇතුළුවෙයි appeared first on ITN News.
Post a Comment