Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරනවා – කෘෂි ඇමති  

Add comments

ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වසර 10කට පසුව වැඩිම යල කන්නයේ වගාව පසුගිය යල කන්නයේ ලබා ගත් බවද හෙතෙම සඳහන් කළේය.

කාබනික වගාව කෙරෙහි යොමු වන ගොවීන්ට රුපියල් 20,000 ක මූල්‍ය සහනාධාරයක් ලබාදීම සිදු කරන බවත් එය නැවත ගොවියාගෙන් අය කර ගැනීමක් සිදු නොකරන බවද හෙතෙම පැවසීය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුවෙත් විරුද්ධ පක්ෂයේත් දෙකේම අපි ඉඳලා තිබෙනවා. ජනතාවට වැඩ කිරීම සඳහා අපි පියවර ගන්නවා. පසුගිය කාලයේ ගොවීන් ගොවි බිමෙන් ඈත් වෙලා සිටියා. ඒ නිසා හාල් හිඟය ඇතුළු වගා බෝග හිඟයක් තිබුණා. යල කන්නයේ හෙක්ටයාර 248,000 යි වගා කර තිබුණේ. එය වැඩි කර ගැනීම සඳහා ගොවීන් උනන්දු කරන්න අපි කටයුතු කළා. ආහාර හිඟයක් එන බවට ජාත්‍යන්තරයෙන් පවා අපට දැනුම් දී තිබුණා. යල කන්නයේ ගොඩ ගත නොහැකි නිසා මහ කන්නයට පොහොර දෙමු කියලා නිලධාරීන් පැවසුවා. නමුත් මම ප්‍රකාශ කළේ, යල කන්නයේම උත්සාහයක් ගමු කියලා. පොහොර නැවක් ගෙන්වා ගොවීන්ට පොහොර දීම නිසා යල කන්නයේ වගා කළ හෙක්ටයාර 248,000 ක ගොවි බිම් සංඛ්‍යාව හෙක්ටයාර 512,000 ක් දක්වා වැඩි වුණා.

රුපියල් මිලියන 56,000 කට වැඩි මුදලක් වගාවට වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවත් සමඟ සිටින කෙනෙක් මම. මම කුඹුරු කරන කෙනෙක්. ඒ නිසා මා වෙත බොරු කරන්න බැහැ. නියම ගොවියා කවුද කියලා මම දන්නවා.

ගොවියන් ඉල්ලුවේ යූරියා. නියමිත වේලාවට මෙවර හැම ගබඩාවකටම යැව්වා. ඊයේ බංඩි පොහොර නැව ආවා. අද යූරියා නැව එනවා. මේ විදියට පොහොර නැව් හතරක් එනවා. ගොවි බිමේ අද වන විට ගොවියන් සිටිනවා. පොහොර ලබාදීම සිදු කරනවා. කොතැන හරි ස්ථානයකට පොහොර අඩුවෙන් ලැබෙන්නේ නම් එය නිලධාරීන්ගේ ගැටලුවක්. බංඩි පොහොර දැන් බෙදනවා. බර අඩු බව පවසා පොහොර හොන්ඩර 14000 ක් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම සිදු කළා. මඩ පොහොර ගැටලුවක් තිබෙනවා. ඒවා ගෙන ඒමට අපි උත්සාහ දැරුවා. යුක්‍රේනයේ යුද්ධය නිසා මඩ පොහොර ඒ රටවලින් ගත නොහැකියි. රුපියල් 42000 කට යූරියා ලබාදීම පසුගිය කාලයේ සිදු කළා. දැන් රුපියල් 15,000 ට පොහොර විකුණනවා. පොහොර ප්‍රශ්නයට දැන් විසඳුම් ලබාදී අවසන් යැයි ද පැවසීය.

The post ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරනවා – කෘෂි ඇමති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG