ඉරානය තම න්‍යෂ්ටික පර්යේෂණාගාර අධ්‍යනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරමානුක ඒජන්සියේ ප්‍රධානී රෆායල් ග්‍රොසී සහ ඉරාන ජනාධිපති ඒබ්‍රහම් රයිසි අතර හමුවක් ඉරානයේ ටෙහෙරාන් නුවරදී සිදු වුණා.
එක්සත් ජාතීන්ගේ පරමානුක අංශයේ පධානී රෆායල් මෙහිදී ඉරානයේ යුරේනියම් නිස්සාරණ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම ද සිදු කළ බව වාර්තා වනවා.
ඉරාන හමුවෙන් අනතුරුව රෆායල් ග්‍රොසී ප්‍රකාශකර තිබුණේ ඉරානය තම න්‍යෂ්ටික පර්යේෂණාගාරවල කැමරා සවිකිරීමට සහ පරීක්ෂණ උපකරණ සවිකිරීමට තමන්හට එකඟ වූ බවයි.
2022 වසරේ දී එක්සත් ජාතීන්ගේ නිරීක්ෂනවලට උපකාරී වූ කැමරා ඉවත් කිරීමට ඉරාන රජය කටයුතු කළත් නැවත මේ පිළිබඳ එකඟවීම යහපත් ප්‍රවණතාවක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.
The post එක්සත් ජාතීන්ගේ පරමානුක ඒජන්සියේ ප්‍රධානියා ඉරාන ජනපති හමු වෙයි appeared first on ITN News.
Post a Comment