ග්‍රීක අගමැති ක්‍යුරිකොස් මිට්සොටකිස් මේ සතියේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය 57 දෙනාගේ පවුල්වලින් සමාව ඉල්ලා තිබෙනවා.
ෆේස්බුක් පණිවිඩයක් මගින් මිට්සොටකිස් මහතා පැවසුවේ විවිධ දිශාවලට ගමන් කරන දුම්රිය දෙකක් එකම මාර්ගයේ කිසිසේත් ධාවනය කළ නොහැකි අතර මෙම සිදුවීම ගැන කිසිවෙකු දැන නොසිටි බවයි.
මෙම සිදුවීමට දින ගණනාවක් තිස්සේ විරෝධතා අඛණ්ඩව පවතිනවා.
ඉරිදා ඇතන්ස් අගනුවර පැවති විරෝධතාවයකට දහස් ගණනක් එක් වූ අතර විරෝදතා කරුවන් හා පොලිසිය සමඟ ගැටුම් ඇතිවුණා.
පොලිසිය ඇස්තමේන්තු කර ඇති පරිදි විරෝධතාවයට 12,000 ක ජනතාවක් පැමිණ තිබෙනවා.
නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.
ඇතැම් උද්ඝෝෂකයෝ කුණු බක්කිවලට ගිනි තැබූ අතර පෙට්‍රල් බෝම්බ ද විසි කර තිබෙනවා. පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කර, මිනිත්තු කිහිපයක් ඇතුළත විරෝධතාකරුවන්ගේ මධ්‍යම සින්ටැග්මා චතුරශ්‍රය ඉවත් කරමින්.
විරෝධතාකරුවන් මියගිය අය සිහිපත් කිරීම සඳහා කළු බැලූන් සිය ගණනක් අහසට මුදා හැරියා.
The post ග්‍රීක අගමැති දුම්රිය අනතුරින් මියගිය අයගේ පවුල්වලින් සමාව ඉල්ලයි appeared first on ITN News.
Post a Comment