චාල්ස් රජුගේ රාජාභිෂේකයට විරුද්ධව උද්ඝෝෂණය කළ 52 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබෙනවා.
රාජාභිෂේකය පැවැත්වු ටැෆල්ගා චතුරස්‍රය අවට හා පෙරහැර ගමන් කරන මාර්ගයේ කහ පැහැති ඇදුමින් සැරසී මොවුන් විරෝධතාවල නිරත වු බවයි වාර්තා වන්නේ.
ඔබ මගේ රජු නොවේ යන පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුන් එම විරෝධතාවට එක්ව සිටියා.
එම උද්ඝෝෂණ සංවිධාන කළ නායකයා ඇතුළු 52 දෙනෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.
මේ චාල්ස් රජුට විරෝධය පළ කරමින් කාඩිෆ් නගරයේ දීද 300කට අධික පිරිසක් විරෝධතාවක නිරත වු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
The post චාල්ස් රජුගේ රාජාභිෂේකයට විරුද්ධව උද්ඝෝෂණ කළ 52ක් අත්අඩංගුට appeared first on ITN News.
Post a Comment