ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ලොව ප්රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන්.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී තිබෙනවා.
මේ දක්වා පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති බවද සඳහන්.
The post බොර තෙල් මිල අඩු වෙයි appeared first on ITN News.
Post a Comment