රුසියාව යුක්රේනයේ කියෙව් නගරයට 15 වෙනි වරටත් ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.
පසුගිය මාසයක කාලය තුළ අඛණ්ඩව රාත්‍රිය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ දෙවන දිනය ද ඊයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කියෙව්හි බලය අත්පත් කර ගැනීම සදහා රුසියා හමුදා මිසයිල ප්‍රහාර ගණනාවක් ද එල්ලකර තිබෙනවා. එමෙන්ම ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් කියෙව්හි ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී ඩ්‍රෝන ප්‍රහාර 40ක් පමණ සාර්ථකව මැඩපවත්වා ඇති බවද සදහන්. ඒ වෙනුවෙන් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සිය හමුදා වෙත ස්තූතිය පළකර ඇති බවද සදහන්.
The post යුක්රේනයේ කියෙව් නගරයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් appeared first on ITN News.
Post a Comment