සෝමාලියාවේ දී උගන්ඩා සෙබළුන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෝමාලියාවේ අප්රිකානු සංගමයේ සාම සාධක හමුදා කදවුරකට අල්ෂබාබ් සටන්කාමීන් එල්ල කළ ප්රහාරයක් නිසා මෙලෙස උගන්ඩා සෙබළුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාම සාධක සෙබළුන් ජිවිතක්ෂයට පත්වීම පිළිබද තහවුරු කරමින් උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි ඊයේ දිනයේ නිවේදනයක් සිදුකළා.
මේ අතර මැයි 26 වනදා ද සෝමාලියානු සාම සාධක හමුදා වෙත අල්ෂබාබ් සටන්කාමීන් එල්ල කළ බෝම්බ ප්රහාරයක් නිසා සෙබළුන් 137 දෙනෙකු මියගියා.
The post උගන්ඩා සෙබළුන් 54 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment