ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් තමන්ට ලිංගික අතවරයක් සිදු වු බවට චෝදනා කළ කාන්තාව රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ටාරා රීඩ් නැමැති මෙම කාන්තාව රුසියා රාජ්ය මාධ්යකට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ තමන් රුසියාවේ පුරවැසිභාවය බලාපොරොත්තු වන බවයි.
1993 වසරේ දී තමන් කොංග්රස් කාර්යාලයේ සේවය කරන වකවානුවේ දී ජෝ බයිඩ්න්ගෙන් ලිංගික අතවරයකට ලක්වු බවටයි ඇය චෝදනා කරන්නේ.
ඩෙලවෙයා ප්රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභිකයෙකු ලෙස එවකට ජෝ බයිඩ්න් කටයුතු කළ අතර ඔහුගේ සහයිකාව ලෙසයි ටාරා රීඩ් සේවය කර ඇත්තේ.
කෙසේ වුවද ඇයගේ චෝදනා ජනාධිපති ජෝ බඩයිඩ්න් ප්රතික්ෂේප කරනවා.
The post බයිඩ්න්ගෙන් ලිංගික අතවරයක් සිදු වූ බවට චෝදනා කළ කාන්තාව රුසියාවට යයි appeared first on ITN News.
Post a Comment