Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර සියයකට පසු වාර්තා වු වැඩිම උෂ්ණත්වය  

Add comments

වසර සියයකට පසු මැයි මාසයක දී ෂැන්ග්හායි නගරයෙන් වාර්තා වු උෂ්ණත්වය අධිකම දිනය මෙම වසරේ මැයි මාසයේ සටහන් වු බව චීන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

චීනයේ විශාලතම නගරය වන ෂැන්ග්හායි නගරයෙන් මැයි මාසයේ දී වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 36.7ක් ලෙසයි. මීට පෙර නගරයෙන් වාර්තා වු ඉහළම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක 35.7ක්.

පසුගිය සති කිහිපය පුරා ඊසාන දිග හා දකුණු ආසියාවේ රටවලින් අධික උෂ්ණත්වයන් වාර්තා වුණා. පසුගිය සතියේ දී ඉන්දියාවෙන් සෙල්සියස් අංශක 44ක උෂ්ණත්වයක් වාර්තා වු අතර වසර 60කට පසු බංගලාදේශයේ ඩකා අගනුවරින් ද ඉහළම උෂ්ණත්වය වාර්තා වුණා. එමෙන්ම තායිලන්තයෙන් සෙල්සියස් අංශක 45.4ක් හා ලාඕසයෙන් සෙල්සියස් අංශක 42.9ක උෂ්ණත්වයක් වාර්තා වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post වසර සියයකට පසු වාර්තා වු වැඩිම උෂ්ණත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG