සෙනගාලයේ ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් මියගිය සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෙනගාලයේ විපක්ෂ නායක අවුස්මාන් සොන්කෝ වෙත වසර දෙකක සිර දඩුවම් නියම කිරිමට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයන් පොදු දේපළවලට හානි කරමින් රථවාහන ගිනි තබමින් කටයුතු කරන බව වාර්තා වනවා. සෙනගාල විපක්ෂ නායක සොන්කෝ උසාවියෙන් වැරදිකරු බවට පත්ව ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනා මතයි. උද්ඝෝෂකයන් පවසන්නේ විපක්ෂ නායකවරයා රජයේ කුමන්ත්‍රණයක් මත සිරගත කිරීමේ උත්සාහයක් ඇති බවයි.
The post සෙනගාලයේ උද්ඝෝෂණ හේතුවෙන් මියගිය සංඛ්‍යාව නවයක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment