Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඛණිජ තෙල් මිල ඉහළ දැමීමේ තීරණයක්  

Add comments

සවුදි ආරාබිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය කිරීමත් සමග ඛණිජ තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව ඔපෙක් සංවිධානය නිවේදනය කරනවා.

ඛණිජ තෙල් මිල ඉහළ දැමීමේ අරමුණින් බොරතෙල් නිෂ්පාදනය කරන රටවල් තම දෛනික නිෂ්පාදන ප්‍රමාණය පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සවුදි ආරාබිය ජුලි මාසයේ තම දෛනික නිෂ්පාදනයන්ගෙන් බොරතෙල් බැරල් මිලියනයක් කප්පාදුවට ලක් කරන බව නිවේදනය කළා.

එමෙන්ම 2024 වසර වන විට තවත් බොරතෙල් බැරල් මිලියන 1.4ක් කප්පාදු කිරීම අරමුණ බවයි ඔපෙක් සංවිධානය පවසන්නේ.

ගෝලීය බොරතෙල් නිෂ්පාදනයෙන් 40%ක් පමණ ඔපෙක් සංවිධානයට අයත් රටවල් සිදු කරනවා. නිෂ්පාදන කප්පාදුවත් සමග බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 2.4%කින් පමණ ඉහළ යනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

The post ඛණිජ තෙල් මිල ඉහළ දැමීමේ තීරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG