චන්ද්‍ර ගවේෂණය සදහා ඉන්දියාව පිටත්කර හැරි චන්ද්‍රයාන් 3 යානය, චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළුවී තිබෙනවා.
පසුගිය ජුලි 14 වනදා චන්ද්‍රයාන් 3 යානය, චන්ද්‍රයාගේ ගවේෂණ කටයුතු සදහා පිටත්කර හැරුණා. මේ වනවිට එම යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළුවී ඇති අතර මෙම මස 23 හෝ 24 යන දින දෙක ඇතුළත දී එහි මතුපිටට ගොඩබැස්වීමට හැකියාව පවතින බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරනවා. ඉන්දියාවේ චන්ද්‍ර අභ්‍යවකාශ ගමන සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධද්වීපයට ගොඩබැස්වීමට සමත්වු පළමු රට බවට ඉන්දියාව පත්වනවා.
එමෙන්ම ඇමෙරිකාව, රුසියාව හා චීනයට පසු චන්ද්‍රයා මතට යානයක් ගොඩබැස්වූ 4 වන රට බවට ද ඉන්දියාව පත්වනවා. 2008 වසරේ දී ඉන්දියාව චන්ද්‍ර අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කළ අතර වසර 13කට පසුව එම මෙහෙයුම් සාර්ථකවීම විශේෂත්වයක්.
The post ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 චන්ද්‍ර කක්ෂයට ඇතුළු වෙයි appeared first on ITN News.
Post a Comment