ජපානය ද සඳ ගවේෂණය සඳහා වන මෙහෙයුමට අද එක්වුණා.
ඒ මූන් ස්නයිපර් රොකට්ටුව අභ්‍යවකාශ ගත කරමින්.
සඳ ගවේෂණය සඳහා වන ලෝක මෙහෙයුමට සිය දායකත්වය ලබාදෙමින් ජපානය සිය නවතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කළේ මීට පෙර අවස්ථා දෙකක දී ලද අසාර්ථකත්වයත් සමඟින්.
අප්‍රේල් මාසයේ දී හා පසුගිය නොවැම්බර් මාසයේ දී ජපානය රොකට්ටුවක් යැවීමට උත්සහ කළ ද ඒවා පුපුරා යාම හේතුවෙන් මෙහෙයුම් අසාර්ථක වුණා.
කෙසේ වෙතත් අද අභ්‍යවකාශ ගත කළ රොකට්ටුව සාර්ථකව ගමනාන්තය කරා ළගා වුවහොත් ලබන පෙබරවාරි මාසයේ දී සඳ මත ගොඩබෑමක් සිදුවනු ඇති.
මේ සඳහා ජපානය වැය කරන සමස්ත මුදල ඩොලර් මිලියන 100ක්.
සැහැල්ලු යානාවක් වන මෙය මිල අවම වන පරිදි නිර්මාණය කෙරුණා.
එක්ස්රේ ඡායා රූප ලබාගත හැකි තාක්ෂණය ද එය සතුව පවතිනවා.
මෙම මෙහෙයුම ජපාන , ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සි ඒකාබද්ධවයි සිදු කරන්නේ.
The post ජපානයත් සඳ ගවේෂණ මෙහෙයුමට එක්වෙයි appeared first on ITN News.
Post a Comment