ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත පැමිණ කටහඩ පරික්ෂණය සඳහා පෙනී සිටියා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා හෙළිකළා. ඔහු චෝදනා එල්ල කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාටයි.
ඒ අනුවයි ඔහුගේ දුරකතනයේ ඇති හඬපට පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
Post a Comment