පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයේදී අද කැදවුවා.
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක් බලෙන් ලබාගැනීමට තැත් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ලබා දීම සදහා මෙම මුදල ඉල්ලා ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කරනවා. විත්තිකරුවන් 2015 වසරේදී මෙම වරද සිදු කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කරන්නේ. නඩුව ලබන 04 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. මේ අතර විත්තිකරුවන් දෙදෙනාට විදෙස් සංචාරයක් සදහා අධිකරණය අද අවසර ලබා දුන්නා.
Post a Comment