චීනය ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමග පැවැත්වීමට සැලසුම්කර තිබූ ආරක්ෂක හමුව අවලංගු කර තිබෙනවා.
ඊට හේතුව බීජිං නුවර හා වොෂින්ටනය අතර ආයුධ අලෙවිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විය හැකි බවයි වාර්තා වන්නේ. මෙම ආරක්ෂක සමුළුව නැවත පැවැත්වෙන දිනයක් තවමත් දැනුම් දී නැති බව ද සදහන්. මෙම ආරක්ෂක හමුව අවලංගු කිරීම පිළිබද පළමුවෙන්ම වාර්තා කර තිබුනේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතයි.
Post a Comment