හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අදාළ නඩුව යලි හෙට දිනයේ විභාග කිරීමට කුරුනෑගල මහාධිකරණය නියෝග කළා. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් රුපියල් මිලියන 5 යි දශම 2 ක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ නඩුව කුරුනෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අද දිනයේ විභාගයට ගැනුණා. අදාළ සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කෙරුනා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ සිද්ධියේ සෙසු සැකකරුවන් වන ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර්, සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අය ද හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Post a Comment