Nov
29
මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි ආයතනය ප‍්‍රකාශ කළා. ඝාතනයවූ වැඩි පිරිසක් කාන්තාවන් බවයි පැවසෙන්නේ.
ප‍්‍රාන්ත 14 ක සැකකරු ඝාතන සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. 78 හැවිරිදි ඔහු 1987 දී පළමු ඝාතනය සිදුකර ඇති අතර මනුෂ්‍ය ඝාතන වලට අමතරව කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය සහ පහරදීම් සම්බන්ධ චෝදනා රැසක්ද සැකකරුට එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. තවදුරටත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව එෆ්බීඅයි ආයතනය පවසනවා.
Post a Comment