තුර්කියේ නිරිතදිග ප්රදේශයේ බෝඩ්රම් නගරයට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
දින කිහිපයක් පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ.පුද්ගලයින් කිහිප දෙනෙකු ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්රධාන මාර්ග හෝටල් වෙළද සංකීර්ණ සහ නිවාස ගංවතුරින් යටවී තිබෙනවා. මාර්ගවල ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සංචාරක කර්මාන්තයට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා. විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මකයි.
Post a Comment