Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොර හිඟයකින් තොරව ලබාදීමට උපදෙස්  

Add comments

මෙවර මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන් සදහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අවශ්‍ය පොහොර වර්ග කිසිදු හිඟයකින් තොරව ලබාදීමටයි තීරණය කෙරුණේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා නිලධාරීන්ට මේ පිළිබඳ උපදෙස් ලබාදුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළ පරිදි යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහක් රුපියල් පන්සියයකට ද සෙසු බෝග සඳහා ලබාදෙන පොහොර කිලෝග්‍රෑම් පනහක් රුපියල් දහසකට ද ලබාදීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇති. බඩඉරිඟු, උඳු ඇතුළු ධාන්‍ය වර්ග මෙවර අක්කර සිය ගණනක වැඩිපුර වගා කරන බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG