බහුතරය යනු ප්රජාතන්ත්රවාදය නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉලෙට්‍රොනික ඡන්ද ක්‍රමය ඉදිරියේදී ඡන්ද පොලේදී භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කරනවා.
සභාපතිවරයා මෙම අදහස් පල කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී. ජූනි 1 වෙනිදාට යෙදී තිබූණූ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් පැවැත්වූ පාසල් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහී දරුවන්ට තෑගි ලබාදීමේ උත්සවයට එක්වෙමින්. අතීතයේ සිට මේ දක්වා ඡන්ද පැවැත්වීමේදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ද රැස්ව සිටි පාසල් දරුවන් සහ ජනතාව දැනුවත් කිරීමට ද දේශප්‍රිය මහතා කටයුතු කළා. පාසල් දරු දැරියන් ප්රජතන්ත්රවාදය පිළිබද හොදින් අවබෝධ කරගෙන ඇති බව ඔවුන්ගේ චිත්‍ර තුලින් පිලිබිඹු වන බව මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මහින්ද දේශප්‍රිය – මැතිවරණ කොමිසමේ සභාපති,
Post a Comment